Thursday, May 26, 2016

නෙතු රැවටුණු පුතේ

      

රතු පාටින් දිලිසෙන තරු අතරින් පුර හඳ එනවා
පිතු පැල්පත එළිපත්තේ හිඳ තවමත් වැළපෙනවා
නෙතු රැවටුණු දහසක් අතරේ මගෙ පුතු නිදියනවා
පුතු හින්දා දෙව්ලිය වූ, මම රෑ හීනෙට වෙනවා

  
පොළවෙත් මිණි අහිමි නිසා පුතු සිත දරදඩු වූවා
මුවහත් පිහියේ දාරය ආදර රුහිරය නෑවා
හිරබත් අවසන් වන දා මගෙ ලේ බිඳු මිණි වේවා
සිරිකත් මැදුරට වඩමා ඇගෙ ගෙල මණි පළදාවා
  
අජසත් කෙලෙසුන් පරදා නිවන් පුරෙහි රජ වෙනවා
සිරිමත් පුතු වෙලා එදා උබ මගෙ කුස උපදිනවා
සැරියුත් මහ සඟ ගිය මඟ මගේ පුතුට එළිවෙනවා
කිරිබත් දානය පුදලා උබේ මවුත් සැනසෙනවා

  
ප.ලි : කොටකෙතන ගමේ පුතෙක් තම මව මැරීමේ සිද්ධියට අදාළව පබැඳීණි.

6 comments:

  1. අම්ම කෙනෙක්ගෙ ආදරෙ හරි අපූරුවට කවි පදවලට අමුණල ^_^ අගෙයි දිගටම ලියන්න. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසි

      Delete
  2. සංවේදී අදහස් හරි සියුම් විදියට කවි කරලා. අපුරුයි. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සොමියා :D

      Delete
  3. :) ඔව් බන්. අම්මලගේ ආදරය වෙනස් වෙන්නෙ නැ ළමයි ඒ අයට කොහොම සැලකුවත්.

    ReplyDelete
    Replies
    1. දරුවො කියන්නෙ අම්මලගෙම කොටසක් වගේ...

      Delete