Saturday, May 28, 2016

බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ

         

කුසේ හුලං රෝදෙට පුරවන්නේ
පිය තුම අද උදයෙත් බඩගින්නේ
පවුලේ මුළු බර පැඩලෙට දෙන්නේ
බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ

  
වලෙහි ගොඩෙහි රෝදය කැරකෙන්නේ
සමබර ලෙස යයි සමතල තැන්නේ
කඳු නැගලා පල්ලම්ද බහින්නේ
ජීවන රෝදෙද මෙලෙස බැමෙන්නේ
  
හති දමමින් පැඩලය පාගන්නේ
ඒ හුස්මයි අප හට පණ දෙන්නේ
දහදිය කැට සුළඟේ පාවෙන්නේ
ඒ සුවඳයි බත් ඇට මුසු වෙන්නේ
  
දිය කපනා සේ සුළං කපන්නේ
රතු ඉර පැඩලයෙ වේගෙ හදන්නේ
හැඩලයෙ බැදි පඩුරේ බලයෙන්නේ
නිවසට එන තුරු දෙවි රැකදෙන්නේ
  
පඩි දින එන තුරු ඇඟිලි ගනින්නේ
මසකට දවසක් සඳ පායන්නේ
පොඩි බඩු මල්ලක් හැඩලයෙ ඉන්නේ
ටොෆී දෙකක් මට නෑ වරදින්නේ
  

Thursday, May 26, 2016

නෙතු රැවටුණු පුතේ

      

රතු පාටින් දිලිසෙන තරු අතරින් පුර හඳ එනවා
පිතු පැල්පත එළිපත්තේ හිඳ තවමත් වැළපෙනවා
නෙතු රැවටුණු දහසක් අතරේ මගෙ පුතු නිදියනවා
පුතු හින්දා දෙව්ලිය වූ, මම රෑ හීනෙට වෙනවා

  
පොළවෙත් මිණි අහිමි නිසා පුතු සිත දරදඩු වූවා
මුවහත් පිහියේ දාරය ආදර රුහිරය නෑවා
හිරබත් අවසන් වන දා මගෙ ලේ බිඳු මිණි වේවා
සිරිකත් මැදුරට වඩමා ඇගෙ ගෙල මණි පළදාවා
  
අජසත් කෙලෙසුන් පරදා නිවන් පුරෙහි රජ වෙනවා
සිරිමත් පුතු වෙලා එදා උබ මගෙ කුස උපදිනවා
සැරියුත් මහ සඟ ගිය මඟ මගේ පුතුට එළිවෙනවා
කිරිබත් දානය පුදලා උබේ මවුත් සැනසෙනවා

  
ප.ලි : කොටකෙතන ගමේ පුතෙක් තම මව මැරීමේ සිද්ධියට අදාළව පබැඳීණි.

නීල තාරකා



නීල තාරකා පිපී පුරා නභේ

දූල සේලයෙන්  වැසී  සරා  සඳේ  //

මේ කුමුදු  මල්  පිපී

මා නුරා හද  විලේ
කියන්න  ඇයිද තව ප්‍රමාද  පෙම්බරී

පෙම් හැඟුම් වෙලී -සඳ  කැලුම්  වසී

කලාපැණි එළී- සෙනෙහසින් දිලී

මායාව වී ඇගේ සෙනෙහෙ  හදෙහී  රැදී 


නීල තාරකා පිපී පුරා නභේ...


ඈත සීත  මාරුතේ හමාවී

ආදරේ මුහුව එහි  තියේවී
සේල සේ  තුෂාර විත් වෙලේවී
හාදු සේ  මා දෙතොල්  සිබීවී

මුළු  ලෝම ආවත්-ඇය  නාවෙ  තාමත්


කාරණාව කා නිසාද පෙම්බරී

රූපි මා පෙම්බරී

පෙම් හැඟුම් වෙලී -සඳ  කැලුම්  වසී

කලාපැණි එලී - සෙනෙහසින් දිලී

මායාව වී ඇගේ සෙනෙහෙ  හදෙහී  රැදී 


නීල තාරකා පිපී පුරා නභේ


වැහි වළා-එනු එපා 

තාරකා-සැඟවෙනා  //

මසිත පාරා සරා හී නොයන්  පාවෙලා

මම් ඔබේ පෙම්බරා


නීල තාරකා පිපී පුරා නභේ..


Wednesday, May 25, 2016

මහවැසි

                  

පොළවෙන් වතුර ඇද බිමටම අත සෝදා
අහසින් දෙරණ වෙත වෙයි කවදත් බාදා
කලකින් දිය නොදී රළු නියගයසාදා
සැණෙකින් විසුණු කළ අරුමය වැසි ආදා


දිනකර වැහිවළාවට නතු වී යද්දී
ගොරතර සුළඟ සමගිව මහ වැසි එද්දී
කඩදොර පන්සලේ පිළිමය යට වෙද්දී
ගගතෙර ඉතුරුණා මිහිමව අඩවද්දී
  
නායට දෙපළු වූ සාමස්සර කන්දේ
දෑහෙට කදුළු උතුරන මැසිවිලි සද්දේ
යායට ගිලුණ පැල්පත් මුදුනත් මැද්දේ
නාහෙට දුගඳ කුණු කඳු මුහුදට ඇද්දේ
  
සාගර ජලය ලුණුරස අරුමයක් නොවේ
සෝබර කඳුළු ගඟුලැලි මුහුදටම පෙවේ
ආදර හදැති මිහි දෙවිවරු මෙයට තැවේ
සාදර දෑත දෙයි, විත් පොදි බැදන් නැවේ
  
පොලයෙන් රටක ඉරණම දෙවි වෙත පුදනා
බලයෙන් රටවැසියො තව අසරණ කරනා
නිරිඳුන් වැඩවසන දෙරණට දුක වඩනා
මෘගසන් වැස්ස එන්නට අතැගිලි ගණිනා
  

ආදරී



ආදරී,හස රැලින්  ඉකි ගැසූ සිත් වරා
දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී //

මෙලෙක වූ වා වියෝගා  තූ...හින සේ දියවෙලා
ප්‍රේම සිනා මුසු විල් හී හස යුවළ'පි සරනා//

විල්තී..රේ  ඇසේවී පන්සිළු ස්නේහ ගී

ආදරී,හස රැලින්  ඉකි ගැසූ සිත් වරා

දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී

පායන් ආයෙ ආයේ සු..ප්‍රේමය නම් චන්ද්‍රයා

හර්ෂය දී නෙක වාරේ ආද..රේ වි..හිදා
අම්බ..රේ වයාවී පන්සිළු ස්නේහ ගී

ආදරී,හස රැලින්  ඉකි ගැසූ සිත් වරා

දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී //

Tuesday, May 17, 2016

වෙසක් සඳ


               
අව පසළොස්වක අටවක කලු බිඳ පුරසඳ පායා වෙසක් දිනේ
බෝ පත් අතරින් එළිය පෙරෙන තැන පැදුරක හිඳ වැලි මළුව කොනේ
පින්බර මුහුනැති අත්තම්මෙක් අද නවගුණ වැල ගණිනවා පෙනේ
පුර අව දෙපසම සඳට උරුම බව දැන් දැන් මට වැටහේය අනේ


  
පුන්සඳ තරු දස දහසක් මැඩගෙන එළිය කරන රඟ පොළෝ තලේ
මන්දාරම් වැහි වළාකුලක් විත් සැණෙකින් බිඳිනා අරුම බලේ
කම් පල විස්වාසය ගිලිහෙන ලොව අතලොස්සක් දෙන තරුණ කැළේ
රන් තුණු ජවය ද මරු ට යටත් බව තේරුම් ගෙන දහමටම ඇලේ
  
අමාවකට නුබුරන නරි කැළ ඇයි පසළොස්වක දා බුරලන්නේ
සක්දෙවි සලකුණු කල හා රූපය නැතිවද සතුනේ දිරවන්නේ
"සස දා" සැක සමහර වියතුන් වෙති බොදු බව පමණයි උප්පැන්නේ
සඳ මත මන්දිර තනනා සැලසුම් ඇති විදැදුරු සරණයගන්නේ
  
සඳේ එළිය යට තොරණ ලෙළෙන විට සුරපුරයක සලකුණු ඇත්තේ
සඳට ඉහළ දෙව්පුරයක ඉපදෙන එවන් පිනක අරමුණ මත්තේ
පිළිවෙත ආමිසයෙන් පැරදුණු දා දහම දරයි අනියත සත්තේ
තෙමගුළ සමරන්නට සඳ ආවත් හෙට බොදු සව්වෙක් මෙහි නැත්තේ
  

වෙසක් කූඩුව


                 
මද පවන හා මුසුව ගඟලියට ගී ගයන
තරහ අවසරය ගෙන, උණ පඳුර අසනු මැන
ලොව බැබළ වූ උතුම් එම දවස ළඟම එන
උණ කැබැල්ලක් දෙන්න කූඩුවට අපි සදන


බුදු වරුට ලොව අඳුර දුරලනා නැණ පහන
දල්වන්න පිදුවාලු ඔබත් සිහිලැල් සෙවණ
අනිමිසය නොකළාට මට පුදන උණය ගෙන
අට ලෝ දහම පෙනෙන අටපට්ටමක් සදන
  
නෙළුම් මල් කැකුළියනි ගඟ තුරුල්ලේ නිදන
ඉවසන්න ටිකක් තව උතුම් දින පිපෙනු මැන
නෙලන්නම් වෙසක් දා උදෑසන මම පැමිණ
බුදු රජිඳු වන්දන්න පුදසුනට යමි රැගෙන
  
පොහොය සඳ පින් පාට, සිටින මුව තවරගෙන
කුමුදු මල් උවැසියන් ගේ සුවඳ ,පඬුරු ගෙන
මුසු කරනු මැන ,සමඟ බැති ගීය උණ වයන
ගෙනෙ එන්න බුදු කුටිය වෙත හමන මුදු පවන
  
මද පවන සැඩ සුළඟ වී ගමට නොඑනු මැන
කූඩුවට අවුලුවා නොම දවනු මලණු මන
"ලොව නියත නැත" දහම කොහොම ගන්නෙද හැඳින
මල්ලියා තව පොඩියි,සිත අහිමි දුක දරන
  

සුනාමිය

                                

ගී සර දිදී වෙනදා එන වෙරළසොයා
සාගර ජලය ඈතින් ඈතටමගියා
මේ වරයක්ය ,දෙවි දුන් ,නත්තලටකියා
ධීවර සෙනඟ සිතිජය අල්ලන්ටගියා

අපරදිගින් විත් සුදු අය කරනදගේ
මධුර පාන ගෙන සමහරු පානරගේ
සයුර ගෙන ගියා,දැන් දොම්නසයනැගේ
කවර අයද දැන සිටියේ, දවසෙවගේ
  
නිසසල සයුර වෙත එක්කල නිසාවිස
දළ රළ පෙළකි වෙනදා නැති පුදුමඋස
බලතල වැඩි කරන් ඇවිදින් රකුසුලෙස
සුල මුල සොයනු බැරි සේ පෙරලුවාවෙස
  
ලෑලි ගෙවල බිත්තිද වහලයදකඩා
පේළි පේළි ජීවිත කරමතටවඩා
පීලි අඹරවා ගෙන දුම්රියදකුඩා
සෝලි කළා සාගරයක්, නොමැතිවිඩා
  
වෙරළෙහි කිලිටි සෝදන්නට ආපුමෙනි
පෙරළෙයි මුහුද ඒ මේ අතඋමතුවෙනි
මනසෙහි කසල සෝදනු බැහැ සයුරකිනි
“මිනියෙහි ඇඟිලි කපලා රන් මුදුවගනි
  
වෙනදා වෙරළෙ මින් රළ ඇති සුසුමබිදි
හැරදා හුස්ම අද ධීවර සෙනඟනිදි
පරදා කැලෑ නීතියෙ දුක සැවොමවිදි
නිරිඳා සමඟ යදියත් එක වලට වදි
  
සිටු මාලිගා සහ පැල්පත් වෙරළදිග
නටුවෙන් ගිලිහි මල් සේ පාවෙනාරඟ
පටු අදහස් ඇතිව ඇති නැති බේදළඟ
ඉටු වෙන දෙයක් කෝ ?තේරෙනවාද වග
  
සොබා දහම අපගේ අංගයක්කියා
ඔබා ඇඟිලි එය වෙනසක් කරනුගියා
හබා ඇවිත් දළ රළ පෙළ කඳුළ තියා
සොබා දහමෙ දරුවෝ ඔබ කියාගියා
  

මව සහ මහණ පුතු

                                    


සුදු රෙද්දකින් සැරසී,පුතු වසනතම
පන්සල වෙතට අවුදින් වී පිනටපෙම
අල්ලා ඉදල් මිට දරදඩු අතටසම
බෝ පත් අතු ගගා පොල් අතු වනයිබිම

  
අම්මා ඇමදු සුදු වැලි ඇති ඒපාර
සක්මන් කළා පොඩි නම බොහො බොහොවාර
"අම්මේ" කියා දී ඇගෙ කන වෙතමීර
දැම්මා මවගෙ පින් පැලයට හිමිපෝර

මහණ පුතු:
  
අම්මා හරිම මහලුයි වැඩපලබැරිය
ඉන්නේ ඔහොම,හින්දා හිත තුලවිරිය
එන්නම් ,වෙලා හීරළු, අරගෙනබිරිය
දෙන්නෙද අවසරය කරනට ඔබෙහරිය

අම්මා:
  
බුදු හිමි මලසුනට පරමල් වැඩලවෙද
මන්දාරමට හසු වූවද සරාසඳ
නිවිලද පහන් හමලා සැඩ සුලන්වැද
බුදු පුතු හදෙහි කෙලෙසුන් රජ වෙලාඅද
  
පුතු ඉපදුනු දවසෙ අහලා පුතුගෙ ඉකි
කන කැස්බෑව විය සිදුරෙන් අහසදැකි
සිවුරට පුදපු දා, කැස්බෑ රංචුවකි
දාහක් විතර සිදුරෙන් සක්වලමදැකි
  
සතර වරිගයක් නිවනට ගන්ටකියා
මගෙ රන් පුතු සසුනට පෙර දවසෙගියා
වරිගෙ නොහැකි නම් ඔබවත් කඳුළුතියා
නිවන් යන්න අපි එන්නම් ඔබවසොයා
  
ගෙදර අත්තිවාරමෙ සවියක්නැත්තේ
පුතුගෙ කුටියටයි එය හොඳහැටිඇත්තේ
කවුද කෙලෙස් ඇම දී පුතු බාගත්තේ
මරුවො දුවන් නොසිටා පන්සලවත්තේ
  
මෙබවෙහි පිනට පුතුගේ මව වෙන්නපැති
පෙර බවයන්හි කවුරුද අපි දන්නෙ නැති
සසරේ හැටිය හදුනාගමු සියලුපැති
උන්නා ඇතිය නවතිමු දැන් හොඳටහැති

මහණ පුතු:
  
දුන් ඒ ඔවා මම පිළිගමිඅම්මාගේ
දැන් තේරිණි නොදැකපු මෝහයමාගේ
පිණ්ඩපාතෙ යමි මම බුදු හිමිවාගේ
ගන්න මවුනි,ඔබ වෙත හිමි පිඬුබාගේ
  

සොහොන

                  

කාක බෝධියෙ පත් සුළං වැද වයයි මළ බෙර තුන්යමේ
මාල සහ මල් වඩම් කුමටද මිනී මල් පිපිලාබිමේ
පාරෙ සුදු වැලි,දෙපස සිට ගොක් කොළත් දෙන ගරු නැතනිමේ
ඈත ගමකින් අමුත්තෙක් එයි නොයන්නට නැවතත්ගමේ

  
පොලව යට සිව් රියන් කුටියක සදහටම නිදි සුවපතා
සතර කර මත දෝලියක වැඩමවයි සිත නැති මනුසතා
අහස් මාලිග තනා පල කිම අවසනට පැලවත්නැතා
සොහොන වත් කෝ අමුත්තෝ එති ඉදින් ඉඩ දිය යුතුවෙතා
  
පොළවෙ දුහුවිලි පහස හුරු නැති අයත් පස තුළගොළුවුණේ
සයන අදුනන් නැති අයත් මේ පුංචි කුටියේඇලවුණේ
වැලලියන් කිය කියා මැතිරූ සමහරුත් මෙහිවැලලුණේ
පාළුවක් නැහැ කනත්තට සැම තරාතිරයමපැමිණුනේ
  
මමය මගෙමය කිය කියා දැඩි ලෙසින් අල්ලාගත්කයේ
සාර අරගෙන කනත්තේ ගස් කොලන් වැඩෙනව දිවරැයේ
සුළං වැදි ඒ තුරු ලතා පත් වලින් අනියත බවගැයේ
එතුරු පමණක් නොවේ ඉර සඳ සහ තරු ද දවසකමියේ
  
හිගන්නෙක් වැලලූ තැනක අද රජෙක් ඇවිදින්සැතපුණේ
සොහොන් කොත් බැඳවුයේ කුමටද තවකෙකුට ඉඩනැතිවුණේ
අයියලා මල්ලිලා සොහොනේ එකම වලකටකොටුඋණේ
කනත්තට එන්නට කලින් තුබු ඉඩම් නඩු නෑවිසඳුණේ
  

අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක

                   

අම්මා නැගිට්ටට තව නිදි නැගෙනහිර
බත් පත උයා කුකුළත් අඩලනටපෙර
මල්ලට කජු පොල්ල කටුවදසිලිකවර
යන්නේ අලුත් අරගෙන වැඩපලටදුර

  
සිලි සිලි කවර ඉරලා අත ඇඟිලිබැඳ
පොරවා දෙදන පහළට බැංකුවකහිඳ
ගල මත විසුරුවා අලු කජු තලනසඳ
විස කිරි මුහුණ සිඹිනට උඩපනිනවද
  
තැලුවේ කජු උනත් හිත නිතරමතැලිණි
ඉඳ හිට ලෙලි සමඟ මද කටුවටඇමිණි
කැඩුවා කියා අම්මට බැන ඒබැමිණි
දුන්නේ පඩිය රුපියල් සියයක්පමණි
  
කජු මාළුවට උරුමය නැති ලිපක්තුළ
ලෙලි ඇවිලුනා අම්මා ගෙට ආවකල
උයලා බත් පතක් සහ මැල්ලුමක් කොළ
කිරි ඇලි ඇති අතින් කැව්වා උනාකෙල
  
පොල් අතු සෙවිලි යාලත්තේ මැටිපැලක
අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක
බත් පත සැදූ දුප්පත් පොඩිපැල්පතක
පින් බිම මෙයයි එය මට විතරදමතක
  

දුවන මුවන්



මායිම්කොයිද අහසින් වට වෙලා...........නිති
ඒ මුඩු කතර වැලි පමණය කිසිත්...............නැති
රෑ හිම, දවල් ගිනි පුලිගුය බිමෙහි................ඇති
නෑ වැහි වලාවක් වත් මෙහි පෙනෙන...........පැති

ගිරා පුතේ

             


ඉන්න බැහැ කියා අතු සතරේ බිලිංගසේ
යන්නෙ කොහොම නුඹ ගිරවුන්ගේ සිනාඇසේ
කන්න බැරි උනත් ඉවසන් ඔය ඇඹුල්රසේ
එන්න නම් එපා යළි දහසක් පැතුම්නැසේ

  
ගොළු වෙලා කිමද? ඉපදී නුඹ ගිරාකුලේ
ඔලු නමා එපා ඉන්නට දොඩවනාරැලේ
තලු මරා උඹත් කාපන් ඒ බිලින්පලේ
දළු ලලා නොදිරු බෙනයට යමු අපිත්කැලේ
  
අතු මතින් ඉහල අත්තට යන රටා බලා
සිතු ලෙසින් බැයිද නුඹ හට කිමදනැවතිලා
රතු පැහෙන් දිලෙන මාලය ගෙලේ පළදලා
පැතු ලෙසින් ගිරව් ඉගිලී උඹව තනිකලා
  
වටු සියොත් රඟන රන්වන් කරල් බර කෙතේ
අටු පිටින් කඩන් එන්නට අපෙත් හිත ඇතේ
තටු සලන්න බැහැ සවියක් නැහැ පියාපතේ
ඉටු කරන් උඹේ යුතුකම මගෙ ගිරා පුතේ