Saturday, July 30, 2016

බැස එන්න මගෙ පෙම්වතී



සඳ ගාව සුරතල් වෙවී
තුර තාම වෙයි නිවි නිවී
කණමැදිරි මගෙ පෙම් කවී
අඳුරේම ඔබවම සෙවී

අහසේ රජුයි තරුපතී
තරු  ඇතවුරෙහි අධිපතී
හමනා සුළන්හී එතී
බැස එන්න මගෙ පෙම්වතී

සඳ අවට මුරයේ  දපා
වවුලන්ට හසුවෙන්නෙපා
එළි ගේන සිනහා පපා
තරුපති ට රැවටෙන්නෙපා

කඩුපුල් මලත් දැන් පිපේ
කුමුදුත් වැවේ දෙති ඔපේ
වෙල් එළිය ගමෙහී  අපේ
යළි දෙන්න ඔබෙ පෙම් සැපේ

විරහාව පමණයි රැයේ
සේපාලි මියෙනා පැයේ
ඉර කුසුම වෙමි  නුබ දියේ
හිරුකතව ඉපදෙන් ප්‍රියේ

3 comments:

  1. රස පද ගැලපිල්ලක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මෙහෙම කීවොත් පෙම්වතිය කොහේ දුවන්නද...එනව නිසැකයි :D ලස්සනයි මිතු.

    ReplyDelete
  3. ලස්සන බ්ලොගයක්...... සින්ඩිගත කරගත්තා.... ඒත් ලියනවානං අඩුයි වගේ නේද??????????

    ReplyDelete