| රතු පාටින් දිලිසෙන තරු අතරින් පුර | හඳ එනවා |
| පිතු පැල්පත එළිපත්තේ හිඳ තවමත් | වැළපෙනවා |
| නෙතු රැවටුණු දහසක් අතරේ මගෙ පුතු | නිදියනවා |
| පුතු හින්දා දෙව්ලිය වූ, මම රෑ හීනෙට | වෙනවා |
| පොළවෙත් මිණි අහිමි නිසා පුතු සිත දරදඩු | වූවා |
| මුවහත් පිහියේ දාරය ආදර රුහිරය | නෑවා |
| හිරබත් අවසන් වන දා මගෙ ලේ බිඳු මිණි | වේවා |
| සිරිකත් මැදුරට වඩමා ඇගෙ ගෙල මණි | පළදාවා |
| අජසත් කෙලෙසුන් පරදා නිවන් පුරෙහි | රජ වෙනවා |
| සිරිමත් පුතු වෙලා එදා උබ මගෙ කුස | උපදිනවා |
| සැරියුත් මහ සඟ ගිය මඟ මගේ පුතුට | එළිවෙනවා |
| කිරිබත් දානය පුදලා උබේ මවුත් | සැනසෙනවා |
Thursday, May 26, 2016
නෙතු රැවටුණු පුතේ
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)

අම්ම කෙනෙක්ගෙ ආදරෙ හරි අපූරුවට කවි පදවලට අමුණල ^_^ අගෙයි දිගටම ලියන්න. :)
ReplyDeleteබොහොම ස්තුතියි හංසි
Deleteසංවේදී අදහස් හරි සියුම් විදියට කවි කරලා. අපුරුයි. ජය වේවා.
ReplyDeleteබොහොම ස්තුතියි සොමියා :D
Delete:) ඔව් බන්. අම්මලගේ ආදරය වෙනස් වෙන්නෙ නැ ළමයි ඒ අයට කොහොම සැලකුවත්.
ReplyDeleteදරුවො කියන්නෙ අම්මලගෙම කොටසක් වගේ...
Delete