| අම්මා නැගිට්ටට තව නිදි | නැගෙනහිර |
| බත් පත උයා කුකුළත් අඩලනට | පෙර |
| මල්ලට කජු පොල්ල කටුවද | සිලිකවර |
| යන්නේ අලුත් අරගෙන වැඩපලට | දුර |
| සිලි සිලි කවර ඉරලා අත ඇඟිලි | බැඳ |
| පොරවා දෙදන පහළට බැංකුවක | හිඳ |
| ගල මත විසුරුවා අලු කජු තලන | සඳ |
| විස කිරි මුහුණ සිඹිනට උඩ | පනිනවද |
| තැලුවේ කජු උනත් හිත නිතරම | තැලිණි |
| ඉඳ හිට ලෙලි සමඟ මද කටුවට | ඇමිණි |
| කැඩුවා කියා අම්මට බැන ඒ | බැමිණි |
| දුන්නේ පඩිය රුපියල් සියයක් | පමණි |
| කජු මාළුවට උරුමය නැති ලිපක් | තුළ |
| ලෙලි ඇවිලුනා අම්මා ගෙට ආව | කල |
| උයලා බත් පතක් සහ මැල්ලුමක් | කොළ |
| කිරි ඇලි ඇති අතින් කැව්වා උනා | කෙල |
| පොල් අතු සෙවිලි යාලත්තේ මැටි | පැලක |
| අම්මගෙ වාසගම කෙටුනා කජු | ගලක |
| බත් පත සැදූ දුප්පත් පොඩි | පැල්පතක |
| පින් බිම මෙයයි එය මට විතරද | මතක |
Tuesday, May 17, 2016
අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment