| අව පසළොස්වක | දවසේ |
| බිඳිනට ගනඳුර | අහසේ |
| තනි තරුවට හැකි | කෙලෙසේ |
| එළි අවැසිය තරු | දහසේ |
| තුරු පතෙකින් හිරු | කිරණා |
| බිඳකුදු තෙද නොව | නිවෙනා |
| රැසකින් සෙවනැළි | සදනා |
| ගස යට සිසිලස | වදනා |
| විහඟ අත්හි පිය | සහසින් |
| විසල් සියොත් ගත | අහසින් |
| දිවෙයි බිමට අඩි | දහසින් |
| පියපතකට හැකි | කෙලෙසින් |
| වැසි වැතිරව | දහවලෙහී |
| දුහුවිලි දෙරණත | සැනහී |
| වට එක බිඳුවෙන් | පොදහී |
| සිසිලස දෙන ගුණ | ගිලිහී |
| එකමුතුකම මුතු | සදිසී |
| මිතුදම මුසු වී | දිලිසී |
| පැරදුම වදනකි | වහසී |
| දිනුම තිරයි ,නැහැ | අදිසී |

No comments:
Post a Comment