Friday, November 6, 2015

සමනළ

    


ඈතින් සුරපුරයට යාවුණ
මීදුම් පටලයෙන්වැසූ
මානම් සිරිපා වඳිනටයන
පාටින් සුදු සමනළයා
  
මඟ සෙව්වන්දියෝපිපී
නැළවෙන මේතලාවේ
හද මකරන්දයේ වෙලී
නළියන මේ වෙලාවේ
  
අනග බඹර දල තුඩින් පෙළෙන
පෙති හැලෙනා මල්කැකුළු
සුළඟ රැගෙන යනවිටවදුලට
මුදුනත කහසමනල්ලූ
  

No comments:

Post a Comment