මද පවන හා මුසුව ගඟලියට ගී | ගයන |
තරහ අවසරය ගෙන, උණ පඳුර අසනු | මැන |
ලොව බැබළ වූ උතුම් එම දවස ළඟම | එන |
උණ කැබැල්ලක් දෙන්න කූඩුවට අපි | සදන |
බුදු වරුට ලොව අඳුර දුරලනා නැණ | පහන |
දල්වන්න පිදුවාලු ඔබත් සිහිලැල් | සෙවණ |
අනිමිසය නොකළාට මට පුදන උණය | ගෙන |
අට ලෝ දහම පෙනෙන අටපට්ටමක් | සදන |
නෙළුම් මල් කැකුළියනි ගඟ තුරුල්ලේ | නිදන |
ඉවසන්න ටිකක් තව උතුම් දින පිපෙනු | මැන |
නෙලන්නම් වෙසක් දා උදෑසන මම | පැමිණ |
බුදු රජිඳු වන්දන්න පුදසුනට යමි | රැගෙන |
පොහොය සඳ පින් පාට, සිටින මුව | තවරගෙන |
කුමුදු මල් උවැසියන් ගේ සුවඳ ,පඬුරු | ගෙන |
මුසු කරනු මැන ,සමඟ බැති ගීය උණ | වයන |
ගෙනෙ එන්න බුදු කුටිය වෙත හමන මුදු | පවන |
මද පවන සැඩ සුළඟ වී ගමට නොඑනු | මැන |
කූඩුවට අවුලුවා නොම දවනු මලණු | මන |
"ලොව නියත නැත" දහම කොහොම ගන්නෙද | හැඳින |
මල්ලියා තව පොඩියි,සිත අහිමි දුක | දරන |
Tuesday, May 17, 2016
වෙසක් කූඩුව
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
මුහුණු පොතේ තරිඳු කීව පාරෙන් තමා මෙහෙට ආවෙ දිගටම කවි ලියන්නෝ ඇවිත් ගොඩවැදිලා යන්න එන්නම්.ජය වේවා :)
ReplyDeleteබොහොම ස්තුති හංසි මේ පැත්තට ආවට :)
Delete