Friday, November 6, 2015

සමනළ

    


ඈතින් සුරපුරයට යාවුණ
මීදුම් පටලයෙන්වැසූ
මානම් සිරිපා වඳිනටයන
පාටින් සුදු සමනළයා
  
මඟ සෙව්වන්දියෝපිපී
නැළවෙන මේතලාවේ
හද මකරන්දයේ වෙලී
නළියන මේ වෙලාවේ
  
අනග බඹර දල තුඩින් පෙළෙන
පෙති හැලෙනා මල්කැකුළු
සුළඟ රැගෙන යනවිටවදුලට
මුදුනත කහසමනල්ලූ
  

Thursday, November 5, 2015

එකමුතු

                                                           




අව පසළොස්වකදවසේ
බිඳිනට ගනඳුරඅහසේ
තනි තරුවට හැකිකෙලෙසේ
එළි අවැසිය තරුදහසේ
  
තුරු පතෙකින් හිරුකිරණා
බිඳකුදු තෙද නොවනිවෙනා
රැසකින් සෙවනැළිසදනා
ගස යට සිසිලසවදනා
  
විහඟ අත්හි පියසහසින්
විසල් සියොත් ගතඅහසින්
දිවෙයි බිමට අඩි දහසින්
පියපතකට හැකිකෙලෙසින්
  
වැසි වැතිරවදහවලෙහී
දුහුවිලි දෙරණතසැනහී
වට එක බිඳුවෙන්පොදහී
සිසිලස දෙන ගුණගිලිහී
  
එකමුතුකම මුතුසදිසී
මිතුදම මුසු වීදිලිසී
පැරදුම වදනකිවහසී
දිනුම තිරයි ,නැහැඅදිසී