Saturday, July 30, 2016

බැස එන්න මගෙ පෙම්වතී



සඳ ගාව සුරතල් වෙවී
තුර තාම වෙයි නිවි නිවී
කණමැදිරි මගෙ පෙම් කවී
අඳුරේම ඔබවම සෙවී

අහසේ රජුයි තරුපතී
තරු  ඇතවුරෙහි අධිපතී
හමනා සුළන්හී එතී
බැස එන්න මගෙ පෙම්වතී

සඳ අවට මුරයේ  දපා
වවුලන්ට හසුවෙන්නෙපා
එළි ගේන සිනහා පපා
තරුපති ට රැවටෙන්නෙපා

කඩුපුල් මලත් දැන් පිපේ
කුමුදුත් වැවේ දෙති ඔපේ
වෙල් එළිය ගමෙහී  අපේ
යළි දෙන්න ඔබෙ පෙම් සැපේ

විරහාව පමණයි රැයේ
සේපාලි මියෙනා පැයේ
ඉර කුසුම වෙමි  නුබ දියේ
හිරුකතව ඉපදෙන් ප්‍රියේ

Tuesday, July 26, 2016

සමාජේ

  
පැටවුන්ගෙ ඇදය ගැන කවි ලියන,බුම්මාන
මහවුන්ට, කකුළුවොම දෙති ඉහළසම්මාන
ධීවරයො හෙට ඇවිත් අඩු දෙකෙන්අල්ලාන
දියහැලියෙ දැම්ම විට පිළිස්සෙයිඅම්බාන
  
රතු රෝස මල් පුදති පිනට ලදරුව වතේ
සල්ලාල සමනල්ලු පැණි උරතිහිතුමතේ
හැලෙන පියපත්, පෙති ව පිපුන කලතුරු මතේ
ඉකි බිඳින කොඩ මල්හි බිහි වුණේඑම කැතේ
  
කැකුළු මුකුලිත කරන නටුවෙන්මඋගුළුවා
බබරුන්ව එල්ලන්න දැල වියයිමකුළුවා
අකල් මල් කැකුළකට මළ බබරපණ යවා
කැප්පෙටිය අතු අකුල මකුළු දිවිවැනසුවා
  
මිලින හිරු වළදාන සිඳු සුසානයදෙසින්
සඳක් තරු පන්තියට පැමිණ ඇඳුරිඳුවෙසින්
එළි ජනන පාඩමයි උගන්වන්නේතොසින්
දවල් සුද ලබනු අටි ඇතිව රෑ නුබකුසින්
  

Thursday, June 16, 2016

මලණුවණි

                         
ලපේ හන්ගමින් පුරසඳවැණුවාට
ඔපේ පොත්තෙ විතරයි පුන්පොහොරෑට
ලිපේ පුළිගුවත් තනියම දෙයිපාට
අපේ මළණුවන් රැවටුණි දෝකාට

  
මලේ පිරෙන රොන් ඇති මල්වරදාට
ලොලේ කර වහති නිලමැස්සොත්ඊට
හැලේ මිලින වී කුසුමත් පෙතිපාට
මලේ, නාඩපන් මල උබෙනූනාට
  
සිනේ රූ පෙමින් විසිතුරුකෙරුවාට
උණේ ගැනෙන හැටි විරහව ආදාට
සෙනේ දිය සොයා කතරේදිව්වාට
අනේ මිරිගුවෙන් පල නැහැතිබහාට
  
ගෙලේ පෙම නමින් මාලයබැඳුනාට
මලේ, මොකද ගෙල සිරකරගෙනඊට
පැලේ පහන වෙත ඉගිලෙනමෙරුවාට
සිලේ උණුහුමයි හිටියේපරහාට
  
මැවී වැදිරියක් ,ජනපදකලණීට
දැවී නැවුණු ලෙස, පතිවතතිබුණාට
නොවී කුමරියක්, බඹසර නැතිමෑට
සෙවීමට රුවක් ලොව හැකිවෙදකාට
  
ඇඟේ අවුලුවන් හිමිකමකීවාට
"නගේ, මතු සසර උබ මගෙ "පැතුවාට
සගේ රැළ උබෙන් "යළි එනු" යැද්දාට
නැගේ ගිනි කදන් මතු උපදින දාට
  
ළයේ පිපුන පෙම් මල්පරවූවාට
දියේ නෙළුම ලෙස පිපියන්හැමදාට
වියේ සිදුර දුටු කණකැස්බෑවාට
මයේ මළනුවන් අරුතක් දෙයිඊට
  

Saturday, May 28, 2016

බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ

         

කුසේ හුලං රෝදෙට පුරවන්නේ
පිය තුම අද උදයෙත් බඩගින්නේ
පවුලේ මුළු බර පැඩලෙට දෙන්නේ
බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ

  
වලෙහි ගොඩෙහි රෝදය කැරකෙන්නේ
සමබර ලෙස යයි සමතල තැන්නේ
කඳු නැගලා පල්ලම්ද බහින්නේ
ජීවන රෝදෙද මෙලෙස බැමෙන්නේ
  
හති දමමින් පැඩලය පාගන්නේ
ඒ හුස්මයි අප හට පණ දෙන්නේ
දහදිය කැට සුළඟේ පාවෙන්නේ
ඒ සුවඳයි බත් ඇට මුසු වෙන්නේ
  
දිය කපනා සේ සුළං කපන්නේ
රතු ඉර පැඩලයෙ වේගෙ හදන්නේ
හැඩලයෙ බැදි පඩුරේ බලයෙන්නේ
නිවසට එන තුරු දෙවි රැකදෙන්නේ
  
පඩි දින එන තුරු ඇඟිලි ගනින්නේ
මසකට දවසක් සඳ පායන්නේ
පොඩි බඩු මල්ලක් හැඩලයෙ ඉන්නේ
ටොෆී දෙකක් මට නෑ වරදින්නේ
  

Thursday, May 26, 2016

නෙතු රැවටුණු පුතේ

      

රතු පාටින් දිලිසෙන තරු අතරින් පුර හඳ එනවා
පිතු පැල්පත එළිපත්තේ හිඳ තවමත් වැළපෙනවා
නෙතු රැවටුණු දහසක් අතරේ මගෙ පුතු නිදියනවා
පුතු හින්දා දෙව්ලිය වූ, මම රෑ හීනෙට වෙනවා

  
පොළවෙත් මිණි අහිමි නිසා පුතු සිත දරදඩු වූවා
මුවහත් පිහියේ දාරය ආදර රුහිරය නෑවා
හිරබත් අවසන් වන දා මගෙ ලේ බිඳු මිණි වේවා
සිරිකත් මැදුරට වඩමා ඇගෙ ගෙල මණි පළදාවා
  
අජසත් කෙලෙසුන් පරදා නිවන් පුරෙහි රජ වෙනවා
සිරිමත් පුතු වෙලා එදා උබ මගෙ කුස උපදිනවා
සැරියුත් මහ සඟ ගිය මඟ මගේ පුතුට එළිවෙනවා
කිරිබත් දානය පුදලා උබේ මවුත් සැනසෙනවා

  
ප.ලි : කොටකෙතන ගමේ පුතෙක් තම මව මැරීමේ සිද්ධියට අදාළව පබැඳීණි.