Tuesday, May 17, 2016

සොහොන

                  

කාක බෝධියෙ පත් සුළං වැද වයයි මළ බෙර තුන්යමේ
මාල සහ මල් වඩම් කුමටද මිනී මල් පිපිලාබිමේ
පාරෙ සුදු වැලි,දෙපස සිට ගොක් කොළත් දෙන ගරු නැතනිමේ
ඈත ගමකින් අමුත්තෙක් එයි නොයන්නට නැවතත්ගමේ

  
පොලව යට සිව් රියන් කුටියක සදහටම නිදි සුවපතා
සතර කර මත දෝලියක වැඩමවයි සිත නැති මනුසතා
අහස් මාලිග තනා පල කිම අවසනට පැලවත්නැතා
සොහොන වත් කෝ අමුත්තෝ එති ඉදින් ඉඩ දිය යුතුවෙතා
  
පොළවෙ දුහුවිලි පහස හුරු නැති අයත් පස තුළගොළුවුණේ
සයන අදුනන් නැති අයත් මේ පුංචි කුටියේඇලවුණේ
වැලලියන් කිය කියා මැතිරූ සමහරුත් මෙහිවැලලුණේ
පාළුවක් නැහැ කනත්තට සැම තරාතිරයමපැමිණුනේ
  
මමය මගෙමය කිය කියා දැඩි ලෙසින් අල්ලාගත්කයේ
සාර අරගෙන කනත්තේ ගස් කොලන් වැඩෙනව දිවරැයේ
සුළං වැදි ඒ තුරු ලතා පත් වලින් අනියත බවගැයේ
එතුරු පමණක් නොවේ ඉර සඳ සහ තරු ද දවසකමියේ
  
හිගන්නෙක් වැලලූ තැනක අද රජෙක් ඇවිදින්සැතපුණේ
සොහොන් කොත් බැඳවුයේ කුමටද තවකෙකුට ඉඩනැතිවුණේ
අයියලා මල්ලිලා සොහොනේ එකම වලකටකොටුඋණේ
කනත්තට එන්නට කලින් තුබු ඉඩම් නඩු නෑවිසඳුණේ
  

No comments:

Post a Comment