| ඉන්න බැහැ කියා අතු සතරේ බිලිං | ගසේ |
| යන්නෙ කොහොම නුඹ ගිරවුන්ගේ සිනා | ඇසේ |
| කන්න බැරි උනත් ඉවසන් ඔය ඇඹුල් | රසේ |
| එන්න නම් එපා යළි දහසක් පැතුම් | නැසේ |
| ගොළු වෙලා කිමද? ඉපදී නුඹ ගිරා | කුලේ |
| ඔලු නමා එපා ඉන්නට දොඩවනා | රැලේ |
| තලු මරා උඹත් කාපන් ඒ බිලින් | පලේ |
| දළු ලලා නොදිරු බෙනයට යමු අපිත් | කැලේ |
| අතු මතින් ඉහල අත්තට යන රටා | බලා |
| සිතු ලෙසින් බැයිද නුඹ හට කිමද | නැවතිලා |
| රතු පැහෙන් දිලෙන මාලය ගෙලේ | පළදලා |
| පැතු ලෙසින් ගිරව් ඉගිලී උඹව | තනිකලා |
| වටු සියොත් රඟන රන්වන් කරල් බර | කෙතේ |
| අටු පිටින් කඩන් එන්නට අපෙත් හිත | ඇතේ |
| තටු සලන්න බැහැ සවියක් නැහැ | පියාපතේ |
| ඉටු කරන් උඹේ යුතුකම මගෙ ගිරා | පුතේ |
Tuesday, May 17, 2016
ගිරා පුතේ
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment