| පොළවෙන් වතුර ඇද බිමටම අත | සෝදා |
| අහසින් දෙරණ වෙත වෙයි කවදත් | බාදා |
| කලකින් දිය නොදී රළු නියගය | සාදා |
| සැණෙකින් විසුණු කළ අරුමය වැසි | ආදා |
| දිනකර වැහිවළාවට නතු | වී යද්දී |
| ගොරතර සුළඟ සමගිව මහ | වැසි එද්දී |
| කඩදොර පන්සලේ පිළිමය | යට වෙද්දී |
| ගගතෙර ඉතුරුණා මිහිමව | අඩවද්දී |
| නායට දෙපළු වූ සාමස්සර | කන්දේ |
| දෑහෙට කදුළු උතුරන මැසිවිලි | සද්දේ |
| යායට ගිලුණ පැල්පත් මුදුනත් | මැද්දේ |
| නාහෙට දුගඳ කුණු කඳු මුහුදට | ඇද්දේ |
| සාගර ජලය ලුණුරස අරුමයක් | නොවේ |
| සෝබර කඳුළු ගඟුලැලි මුහුදටම | පෙවේ |
| ආදර හදැති මිහි දෙවිවරු මෙයට | තැවේ |
| සාදර දෑත දෙයි, විත් පොදි බැදන් | නැවේ |
| පොලයෙන් රටක ඉරණම දෙවි වෙත | පුදනා |
| බලයෙන් රටවැසියො තව අසරණ | කරනා |
| නිරිඳුන් වැඩවසන දෙරණට දුක | වඩනා |
| මෘගසන් වැස්ස එන්නට අතැගිලි | ගණිනා |
Wednesday, May 25, 2016
මහවැසි
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)

nice
ReplyDeletethankz
ReplyDelete