Saturday, May 28, 2016

බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ

         

කුසේ හුලං රෝදෙට පුරවන්නේ
පිය තුම අද උදයෙත් බඩගින්නේ
පවුලේ මුළු බර පැඩලෙට දෙන්නේ
බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ

  
වලෙහි ගොඩෙහි රෝදය කැරකෙන්නේ
සමබර ලෙස යයි සමතල තැන්නේ
කඳු නැගලා පල්ලම්ද බහින්නේ
ජීවන රෝදෙද මෙලෙස බැමෙන්නේ
  
හති දමමින් පැඩලය පාගන්නේ
ඒ හුස්මයි අප හට පණ දෙන්නේ
දහදිය කැට සුළඟේ පාවෙන්නේ
ඒ සුවඳයි බත් ඇට මුසු වෙන්නේ
  
දිය කපනා සේ සුළං කපන්නේ
රතු ඉර පැඩලයෙ වේගෙ හදන්නේ
හැඩලයෙ බැදි පඩුරේ බලයෙන්නේ
නිවසට එන තුරු දෙවි රැකදෙන්නේ
  
පඩි දින එන තුරු ඇඟිලි ගනින්නේ
මසකට දවසක් සඳ පායන්නේ
පොඩි බඩු මල්ලක් හැඩලයෙ ඉන්නේ
ටොෆී දෙකක් මට නෑ වරදින්නේ
  

4 comments:

  1. කලන මිතු ,
    මේ බ්ලොග් අය එකතු වෙලා ඉන්න fb group.

    බ්ලොග් අවකාශයේ මිතුරෝ.. https://www.facebook.com/groups/192579577425984/

    බ්ලොග් ලියන කබ්බෝ - https://www.facebook.com/groups/335256709892657/

    සිංහල බ්ලොග් ලියන්නෝ- sinhala blog writers - https://www.facebook.com/groups/109824795748930/

    බ්ලොග් පෝස්ටුවක් දැම්මම හැකිනම් මේ සමුහ වලට බ්ලොග් පෝස්ටුවේ ලින්ක් එක එකතු කරන්න.
    බ්ලොග් සින්ඩිකේටර ගොඩක් තියනවා kottu ,කුරුටු සින්ඩිය ,අටම්පහිය,අජිත් කුමාරගේ සින්ඩිය ,මාතලන්ගේ සින්ඩිය මේ වගේ තව ගොඩක් තියනවා හැකිනම් ඒ සින්ඩි වලට ඔයගේ බ්ලොගේ එකතු කරගන්න එතකොට තව ගොඩක් දෙනෙක්ට ඔයාගේ බ්ලොගේ ගැන දැනගන්න ලැබේවි. හැකි වෙලාවක බ්ලොග් ලියන අනෙක් අයගෙ බ්ලොග් පෝස්ටු කියවන්න. හිතෙන හැඟෙන ඔයාගෙ අදහස් ලියල යන්න :) මම මුලින්ම බ්ලොග් ලියන්න ආවම බ්ලොග් ලෝකෙ ඉන්න අය කියල දුන්න මේ දේවල් ඔයාටත් වැදගත් වේවි කියලයි මේ ලීවෙ දිගු ගමනකට ජය :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති හංසි
      බ්ලොග් ලිව්වට ඕව දැනන් උන්නේ නෑ

      Delete
  2. එල මචං,දිගටම ලියපන්.ඉස්කෝලේ යන කාලේ උඹ ඔය හැකියාවන් පෙන්නුවේ නෑනේ බන්.

    ReplyDelete
    Replies
    1. දැනුත් එහෙමයි කියල වෙනසක් නැ බන් :D
      තැන්කිව් මචන්

      Delete