| සුදු රෙද්දකින් සැරසී,පුතු වසන | තම |
| පන්සල වෙතට අවුදින් වී පිනට | පෙම |
| අල්ලා ඉදල් මිට දරදඩු අතට | සම |
| බෝ පත් අතු ගගා පොල් අතු වනයි | බිම |
| |
| අම්මා ඇමදු සුදු වැලි ඇති ඒ | පාර |
| සක්මන් කළා පොඩි නම බොහො බොහො | වාර |
| "අම්මේ" කියා දී ඇගෙ කන වෙත | මීර |
| දැම්මා මවගෙ පින් පැලයට හිමි | පෝර |
මහණ පුතු: | |
| අම්මා හරිම මහලුයි වැඩපල | බැරිය |
| ඉන්නේ ඔහොම,හින්දා හිත තුල | විරිය |
| එන්නම් ,වෙලා හීරළු, අරගෙන | බිරිය |
| දෙන්නෙද අවසරය කරනට ඔබෙ | හරිය |
අම්මා: | |
| බුදු හිමි මලසුනට පරමල් වැඩල | වෙද |
| මන්දාරමට හසු වූවද සරා | සඳ |
| නිවිලද පහන් හමලා සැඩ සුලන් | වැද |
| බුදු පුතු හදෙහි කෙලෙසුන් රජ වෙලා | අද |
| |
| පුතු ඉපදුනු දවසෙ අහලා පුතුගෙ | ඉකි |
| කන කැස්බෑව විය සිදුරෙන් අහස | දැකි |
| සිවුරට පුදපු දා, කැස්බෑ රංචු | වකි |
| දාහක් විතර සිදුරෙන් සක්වලම | දැකි |
| |
| සතර වරිගයක් නිවනට ගන්ට | කියා |
| මගෙ රන් පුතු සසුනට පෙර දවසෙ | ගියා |
| වරිගෙ නොහැකි නම් ඔබවත් කඳුළු | තියා |
| නිවන් යන්න අපි එන්නම් ඔබව | සොයා |
| |
| ගෙදර අත්තිවාරමෙ සවියක් | නැත්තේ |
| පුතුගෙ කුටියටයි එය හොඳහැටි | ඇත්තේ |
| කවුද කෙලෙස් ඇම දී පුතු බා | ගත්තේ |
| මරුවො දුවන් නොසිටා පන්සල | වත්තේ |
| |
| මෙබවෙහි පිනට පුතුගේ මව වෙන්න | පැති |
| පෙර බවයන්හි කවුරුද අපි දන්නෙ | නැති |
| සසරේ හැටිය හදුනාගමු සියලු | පැති |
| උන්නා ඇතිය නවතිමු දැන් හොඳට | හැති |
මහණ පුතු: | |
| දුන් ඒ ඔවා මම පිළිගමි | අම්මාගේ |
| දැන් තේරිණි නොදැකපු මෝහය | මාගේ |
| පිණ්ඩපාතෙ යමි මම බුදු හිමි | වාගේ |
| ගන්න මවුනි,ඔබ වෙත හිමි පිඬු | බාගේ |
| |