Tuesday, July 26, 2016

සමාජේ

  
පැටවුන්ගෙ ඇදය ගැන කවි ලියන,බුම්මාන
මහවුන්ට, කකුළුවොම දෙති ඉහළසම්මාන
ධීවරයො හෙට ඇවිත් අඩු දෙකෙන්අල්ලාන
දියහැලියෙ දැම්ම විට පිළිස්සෙයිඅම්බාන
  
රතු රෝස මල් පුදති පිනට ලදරුව වතේ
සල්ලාල සමනල්ලු පැණි උරතිහිතුමතේ
හැලෙන පියපත්, පෙති ව පිපුන කලතුරු මතේ
ඉකි බිඳින කොඩ මල්හි බිහි වුණේඑම කැතේ
  
කැකුළු මුකුලිත කරන නටුවෙන්මඋගුළුවා
බබරුන්ව එල්ලන්න දැල වියයිමකුළුවා
අකල් මල් කැකුළකට මළ බබරපණ යවා
කැප්පෙටිය අතු අකුල මකුළු දිවිවැනසුවා
  
මිලින හිරු වළදාන සිඳු සුසානයදෙසින්
සඳක් තරු පන්තියට පැමිණ ඇඳුරිඳුවෙසින්
එළි ජනන පාඩමයි උගන්වන්නේතොසින්
දවල් සුද ලබනු අටි ඇතිව රෑ නුබකුසින්
  

12 comments:

  1. ලස්සන පද වැල් ....

    ReplyDelete
  2. අපූරුයි. 4 වන කවිය තවත් අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. හම්මේ සුපිරි කවි ටික බන් ........ ;)

    ReplyDelete
  4. ලස්සන ම ලස්සනයි...

    ReplyDelete
  5. හරි ලස්සන පද ගැලපුමක් කලණමිතු :)

    ReplyDelete