| ඈතින් සුරපුරයට | යාවුණ |
| මීදුම් පටලයෙන් | වැසූ |
| මානම් සිරිපා වඳිනට | යන |
| පාටින් සුදු | සමනළයා |
| |
| මඟ සෙව්වන්දියෝ | පිපී |
| නැළවෙන මේ | තලාවේ |
| හද මකරන්දයේ | වෙලී |
| නළියන මේ | වෙලාවේ |
| |
| අනග බඹර දල තුඩින් | පෙළෙන |
| පෙති හැලෙනා මල් | කැකුළු |
| සුළඟ රැගෙන යනවිට | වදුලට |
| මුදුනත කහ | සමනල්ලූ |
| |
| අව පසළොස්වක | දවසේ |
| බිඳිනට ගනඳුර | අහසේ |
| තනි තරුවට හැකි | කෙලෙසේ |
| එළි අවැසිය තරු | දහසේ |
| |
| තුරු පතෙකින් හිරු | කිරණා |
| බිඳකුදු තෙද නොව | නිවෙනා |
| රැසකින් සෙවනැළි | සදනා |
| ගස යට සිසිලස | වදනා |
| |
| විහඟ අත්හි පිය | සහසින් |
| විසල් සියොත් ගත | අහසින් |
| දිවෙයි බිමට අඩි | දහසින් |
| පියපතකට හැකි | කෙලෙසින් |
| |
| වැසි වැතිරව | දහවලෙහී |
| දුහුවිලි දෙරණත | සැනහී |
| වට එක බිඳුවෙන් | පොදහී |
| සිසිලස දෙන ගුණ | ගිලිහී |
| |
| එකමුතුකම මුතු | සදිසී |
| මිතුදම මුසු වී | දිලිසී |
| පැරදුම වදනකි | වහසී |
| දිනුම තිරයි ,නැහැ | අදිසී |
| |