| කුසේ හුලං රෝදෙට | පුරවන්නේ |
| පිය තුම අද උදයෙත් | බඩගින්නේ |
| පවුලේ මුළු බර පැඩලෙට | දෙන්නේ |
| බයිසිකලෙන් ඔහු වැඩටයි | යන්නේ |
| වලෙහි ගොඩෙහි රෝදය | කැරකෙන්නේ |
| සමබර ලෙස යයි සමතල | තැන්නේ |
| කඳු නැගලා පල්ලම්ද | බහින්නේ |
| ජීවන රෝදෙද මෙලෙස | බැමෙන්නේ |
| හති දමමින් පැඩලය | පාගන්නේ |
| ඒ හුස්මයි අප හට පණ | දෙන්නේ |
| දහදිය කැට සුළඟේ | පාවෙන්නේ |
| ඒ සුවඳයි බත් ඇට මුසු | වෙන්නේ |
| දිය කපනා සේ සුළං | කපන්නේ |
| රතු ඉර පැඩලයෙ වේගෙ | හදන්නේ |
| හැඩලයෙ බැදි පඩුරේ | බලයෙන්නේ |
| නිවසට එන තුරු දෙවි | රැකදෙන්නේ |
| පඩි දින එන තුරු ඇඟිලි | ගනින්නේ |
| මසකට දවසක් සඳ | පායන්නේ |
| පොඩි බඩු මල්ලක් හැඩලයෙ | ඉන්නේ |
| ටොෆී දෙකක් මට නෑ | වරදින්නේ |
Saturday, May 28, 2016
බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ
Thursday, May 26, 2016
නෙතු රැවටුණු පුතේ
| රතු පාටින් දිලිසෙන තරු අතරින් පුර | හඳ එනවා |
| පිතු පැල්පත එළිපත්තේ හිඳ තවමත් | වැළපෙනවා |
| නෙතු රැවටුණු දහසක් අතරේ මගෙ පුතු | නිදියනවා |
| පුතු හින්දා දෙව්ලිය වූ, මම රෑ හීනෙට | වෙනවා |
| පොළවෙත් මිණි අහිමි නිසා පුතු සිත දරදඩු | වූවා |
| මුවහත් පිහියේ දාරය ආදර රුහිරය | නෑවා |
| හිරබත් අවසන් වන දා මගෙ ලේ බිඳු මිණි | වේවා |
| සිරිකත් මැදුරට වඩමා ඇගෙ ගෙල මණි | පළදාවා |
| අජසත් කෙලෙසුන් පරදා නිවන් පුරෙහි | රජ වෙනවා |
| සිරිමත් පුතු වෙලා එදා උබ මගෙ කුස | උපදිනවා |
| සැරියුත් මහ සඟ ගිය මඟ මගේ පුතුට | එළිවෙනවා |
| කිරිබත් දානය පුදලා උබේ මවුත් | සැනසෙනවා |
නීල තාරකා
නීල තාරකා පිපී පුරා නභේ
දූල සේලයෙන් වැසී සරා සඳේ //
මේ කුමුදු මල් පිපී
මා නුරා හද විලේ
කියන්න ඇයිද තව ප්‍රමාද පෙම්බරී
පෙම් හැඟුම් වෙලී -සඳ කැලුම් වසී
කලාපැණි එළී- සෙනෙහසින් දිලී
මායාව වී ඇගේ සෙනෙහෙ හදෙහී රැදී
නීල තාරකා පිපී පුරා නභේ...
ඈත සීත මාරුතේ හමාවී
ආදරේ මුහුව එහි තියේවී
සේල සේ තුෂාර විත් වෙලේවී
හාදු සේ මා දෙතොල් සිබීවී
මුළු ලෝම ආවත්-ඇය නාවෙ තාමත්
කාරණාව කා නිසාද පෙම්බරී
රූපි මා පෙම්බරී
පෙම් හැඟුම් වෙලී -සඳ කැලුම් වසී
කලාපැණි එලී - සෙනෙහසින් දිලී
මායාව වී ඇගේ සෙනෙහෙ හදෙහී රැදී
නීල තාරකා පිපී පුරා නභේ
වැහි වළා-එනු එපා
තාරකා-සැඟවෙනා //
මසිත පාරා සරා හී නොයන් පාවෙලා
මම් ඔබේ පෙම්බරා
නීල තාරකා පිපී පුරා නභේ..
Wednesday, May 25, 2016
මහවැසි
| පොළවෙන් වතුර ඇද බිමටම අත | සෝදා |
| අහසින් දෙරණ වෙත වෙයි කවදත් | බාදා |
| කලකින් දිය නොදී රළු නියගය | සාදා |
| සැණෙකින් විසුණු කළ අරුමය වැසි | ආදා |
| දිනකර වැහිවළාවට නතු | වී යද්දී |
| ගොරතර සුළඟ සමගිව මහ | වැසි එද්දී |
| කඩදොර පන්සලේ පිළිමය | යට වෙද්දී |
| ගගතෙර ඉතුරුණා මිහිමව | අඩවද්දී |
| නායට දෙපළු වූ සාමස්සර | කන්දේ |
| දෑහෙට කදුළු උතුරන මැසිවිලි | සද්දේ |
| යායට ගිලුණ පැල්පත් මුදුනත් | මැද්දේ |
| නාහෙට දුගඳ කුණු කඳු මුහුදට | ඇද්දේ |
| සාගර ජලය ලුණුරස අරුමයක් | නොවේ |
| සෝබර කඳුළු ගඟුලැලි මුහුදටම | පෙවේ |
| ආදර හදැති මිහි දෙවිවරු මෙයට | තැවේ |
| සාදර දෑත දෙයි, විත් පොදි බැදන් | නැවේ |
| පොලයෙන් රටක ඉරණම දෙවි වෙත | පුදනා |
| බලයෙන් රටවැසියො තව අසරණ | කරනා |
| නිරිඳුන් වැඩවසන දෙරණට දුක | වඩනා |
| මෘගසන් වැස්ස එන්නට අතැගිලි | ගණිනා |
ආදරී
ආදරී,හස රැලින් ඉකි ගැසූ සිත් වරා
දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී //
මෙලෙක වූ වා වියෝගා තූ...හින සේ දියවෙලා
ප්‍රේම සිනා මුසු විල් හී හස යුවළ'පි සරනා//
විල්තී..රේ ඇසේවී පන්සිළු ස්නේහ ගී
ආදරී,හස රැලින් ඉකි ගැසූ සිත් වරා
දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී
පායන් ආයෙ ආයේ සු..ප්‍රේමය නම් චන්ද්‍රයා
හර්ෂය දී නෙක වාරේ ආද..රේ වි..හිදා
අම්බ..රේ වයාවී පන්සිළු ස්නේහ ගී
ආදරී,හස රැලින් ඉකි ගැසූ සිත් වරා
දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී //
Subscribe to:
Posts (Atom)




