| ලපේ හන්ගමින් පුරසඳ | වැණුවාට |
| ඔපේ පොත්තෙ විතරයි පුන්පොහො | රෑට |
| ලිපේ පුළිගුවත් තනියම දෙයි | පාට |
| අපේ මළණුවන් රැවටුණි දෝ | කාට |
| මලේ පිරෙන රොන් ඇති මල්වර | දාට |
| ලොලේ කර වහති නිලමැස්සොත් | ඊට |
| හැලේ මිලින වී කුසුමත් පෙති | පාට |
| මලේ, නාඩපන් මල උබෙ | නූනාට |
| සිනේ රූ පෙමින් විසිතුරු | කෙරුවාට |
| උණේ ගැනෙන හැටි විරහව ආ | දාට |
| සෙනේ දිය සොයා කතරේ | දිව්වාට |
| අනේ මිරිගුවෙන් පල නැහැ | තිබහාට |
| ගෙලේ පෙම නමින් මාලය | බැඳුනාට |
| මලේ, මොකද ගෙල සිරකරගෙන | ඊට |
| පැලේ පහන වෙත ඉගිලෙන | මෙරුවාට |
| සිලේ උණුහුමයි හිටියේ | පරහාට |
| මැවී වැදිරියක් ,ජනපද | කලණීට |
| දැවී නැවුණු ලෙස, පතිවත | තිබුණාට |
| නොවී කුමරියක්, බඹසර නැති | මෑට |
| සෙවීමට රුවක් ලොව හැකිවෙද | කාට |
| ඇඟේ අවුලුවන් හිමිකම | කීවාට |
| "නගේ, මතු සසර උබ මගෙ " | පැතුවාට |
| සගේ රැළ උබෙන් "යළි එනු" | යැද්දාට |
| නැගේ ගිනි කදන් මතු උපදින | දාට |
| ළයේ පිපුන පෙම් මල් | පරවූවාට |
| දියේ නෙළුම ලෙස පිපියන් | හැමදාට |
| වියේ සිදුර දුටු කණ | කැස්බෑවාට |
| මයේ මළනුවන් අරුතක් දෙයි | ඊට |
Thursday, June 16, 2016
මලණුවණි
Subscribe to:
Comments (Atom)
