Tuesday, May 17, 2016

අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක

                   

අම්මා නැගිට්ටට තව නිදි නැගෙනහිර
බත් පත උයා කුකුළත් අඩලනටපෙර
මල්ලට කජු පොල්ල කටුවදසිලිකවර
යන්නේ අලුත් අරගෙන වැඩපලටදුර

  
සිලි සිලි කවර ඉරලා අත ඇඟිලිබැඳ
පොරවා දෙදන පහළට බැංකුවකහිඳ
ගල මත විසුරුවා අලු කජු තලනසඳ
විස කිරි මුහුණ සිඹිනට උඩපනිනවද
  
තැලුවේ කජු උනත් හිත නිතරමතැලිණි
ඉඳ හිට ලෙලි සමඟ මද කටුවටඇමිණි
කැඩුවා කියා අම්මට බැන ඒබැමිණි
දුන්නේ පඩිය රුපියල් සියයක්පමණි
  
කජු මාළුවට උරුමය නැති ලිපක්තුළ
ලෙලි ඇවිලුනා අම්මා ගෙට ආවකල
උයලා බත් පතක් සහ මැල්ලුමක් කොළ
කිරි ඇලි ඇති අතින් කැව්වා උනාකෙල
  
පොල් අතු සෙවිලි යාලත්තේ මැටිපැලක
අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක
බත් පත සැදූ දුප්පත් පොඩිපැල්පතක
පින් බිම මෙයයි එය මට විතරදමතක
  

No comments:

Post a Comment