Tuesday, May 17, 2016

සුනාමිය

                                

ගී සර දිදී වෙනදා එන වෙරළසොයා
සාගර ජලය ඈතින් ඈතටමගියා
මේ වරයක්ය ,දෙවි දුන් ,නත්තලටකියා
ධීවර සෙනඟ සිතිජය අල්ලන්ටගියා

අපරදිගින් විත් සුදු අය කරනදගේ
මධුර පාන ගෙන සමහරු පානරගේ
සයුර ගෙන ගියා,දැන් දොම්නසයනැගේ
කවර අයද දැන සිටියේ, දවසෙවගේ
  
නිසසල සයුර වෙත එක්කල නිසාවිස
දළ රළ පෙළකි වෙනදා නැති පුදුමඋස
බලතල වැඩි කරන් ඇවිදින් රකුසුලෙස
සුල මුල සොයනු බැරි සේ පෙරලුවාවෙස
  
ලෑලි ගෙවල බිත්තිද වහලයදකඩා
පේළි පේළි ජීවිත කරමතටවඩා
පීලි අඹරවා ගෙන දුම්රියදකුඩා
සෝලි කළා සාගරයක්, නොමැතිවිඩා
  
වෙරළෙහි කිලිටි සෝදන්නට ආපුමෙනි
පෙරළෙයි මුහුද ඒ මේ අතඋමතුවෙනි
මනසෙහි කසල සෝදනු බැහැ සයුරකිනි
“මිනියෙහි ඇඟිලි කපලා රන් මුදුවගනි
  
වෙනදා වෙරළෙ මින් රළ ඇති සුසුමබිදි
හැරදා හුස්ම අද ධීවර සෙනඟනිදි
පරදා කැලෑ නීතියෙ දුක සැවොමවිදි
නිරිඳා සමඟ යදියත් එක වලට වදි
  
සිටු මාලිගා සහ පැල්පත් වෙරළදිග
නටුවෙන් ගිලිහි මල් සේ පාවෙනාරඟ
පටු අදහස් ඇතිව ඇති නැති බේදළඟ
ඉටු වෙන දෙයක් කෝ ?තේරෙනවාද වග
  
සොබා දහම අපගේ අංගයක්කියා
ඔබා ඇඟිලි එය වෙනසක් කරනුගියා
හබා ඇවිත් දළ රළ පෙළ කඳුළ තියා
සොබා දහමෙ දරුවෝ ඔබ කියාගියා
  

No comments:

Post a Comment