ඈතින් සුරපුරයට | යාවුණ |
මීදුම් පටලයෙන් | වැසූ |
මානම් සිරිපා වඳිනට | යන |
පාටින් සුදු | සමනළයා |
| |
මඟ සෙව්වන්දියෝ | පිපී |
නැළවෙන මේ | තලාවේ |
හද මකරන්දයේ | වෙලී |
නළියන මේ | වෙලාවේ |
| |
අනග බඹර දල තුඩින් | පෙළෙන |
පෙති හැලෙනා මල් | කැකුළු |
සුළඟ රැගෙන යනවිට | වදුලට |
මුදුනත කහ | සමනල්ලූ |
| |
අව පසළොස්වක | දවසේ |
බිඳිනට ගනඳුර | අහසේ |
තනි තරුවට හැකි | කෙලෙසේ |
එළි අවැසිය තරු | දහසේ |
| |
තුරු පතෙකින් හිරු | කිරණා |
බිඳකුදු තෙද නොව | නිවෙනා |
රැසකින් සෙවනැළි | සදනා |
ගස යට සිසිලස | වදනා |
| |
විහඟ අත්හි පිය | සහසින් |
විසල් සියොත් ගත | අහසින් |
දිවෙයි බිමට අඩි | දහසින් |
පියපතකට හැකි | කෙලෙසින් |
| |
වැසි වැතිරව | දහවලෙහී |
දුහුවිලි දෙරණත | සැනහී |
වට එක බිඳුවෙන් | පොදහී |
සිසිලස දෙන ගුණ | ගිලිහී |
| |
එකමුතුකම මුතු | සදිසී |
මිතුදම මුසු වී | දිලිසී |
පැරදුම වදනකි | වහසී |
දිනුම තිරයි ,නැහැ | අදිසී |
| |