සඳ ගාව සුරතල් වෙවී
තුර තාම වෙයි නිවි නිවී
කණමැදිරි මගෙ පෙම් කවී
අඳුරේම ඔබවම සෙවී
අහසේ රජුයි තරුපතී
තරු ඇතවුරෙහි අධිපතී
හමනා සුළන්හී එතී
බැස එන්න මගෙ පෙම්වතී
සඳ අවට මුරයේ දපා
වවුලන්ට හසුවෙන්නෙපා
එළි ගේන සිනහා පපා
තරුපති ට රැවටෙන්නෙපා
කඩුපුල් මලත් දැන් පිපේ
කුමුදුත් වැවේ දෙති ඔපේ
වෙල් එළිය ගමෙහී අපේ
යළි දෙන්න ඔබෙ පෙම් සැපේ
විරහාව පමණයි රැයේ
සේපාලි මියෙනා පැයේ
ඉර කුසුම වෙමි නුබ දියේ
හිරුකතව ඉපදෙන් ප්‍රියේ